ලියපුවා කියවා ගැනීම..

හරි..දැන් මම කියලා දෙන්න යන්නේ කොහොමද අපි ටයිප් කරපු එකක් කොම්පීතරේට කියලා කියව ගන්නේ කියලා..මමත් මගේ බ්ලොග් එකට ඒ system එක දාලා තියෙන්නේ..ඒත් වැඩක් නෑ..මේකට සිංහල කියවන්න බෑනේ..කඩ්ඩ විතරයි..

ඒ කියන්නේ අපි කඩ්ඩෙන් ගහන ඕනෙම වචනයක් මෙයා කියනවා..ඒ වගේම අපිට ඒක mp3 එකක් විදියට download කරගන්නත් පුලුවන්..වැඩේ හරිම ලේසියි..කරන්න තියෙන්නේ මේ ලින්කුවට ගිහින් ඔයාට ඕනේ එක ඉංගිරීසියෙන් ටයිප් කරන්න විතරයි..

මෙතනින් යන්න..

ඊට පස්සේ creat mp3 press කරන්න..තව කැමතිනම් ගෑණු කටහඩකින් වුනත් අපිට මේක හදා ගන්න පුලුවන්..ඔයගොල්ලන්ගේ බ්ලොග් එකට දාගන්න ඕනෙනම් Add speech to your website කියන එක කිල්ක් කරලා පල්ලෙහා තියන කොඩ් එක ඒ කියලා තියන විදියට ටයිප් කරන්න..එච්චරයි..
 

e mail එකෙන් IP හොයමු..

හරි..මේක ලියන්නේ අර කලින් මම හැක් කරන්න කියලා දුන්න පෝස්ට් එකේ IP එක හොයා ගන්න විදිය කියලා දෙන්න..ඒ පෝස්ට් එකත් කැමතිනම් කියවලාම එන්නකෝ.

මෙන්න මෙතනින් යන්න..

ඒකට ඉතින් අපිට e mail එක පාවිච්චි කරන්න වෙනවා..මම කියලා දෙන්න යන්නේ google, yahoo, hotmail කියන mails වල ip හොයන හැටි විතරයි..මොකද මම දන්නේ ඒ ටික විතරයි නේ :පී

 අපි මුලින්ම බලමු google වල කොහොම ද මේ  ip එක හොයාගන්නේ කියලා..මුලින්ම email  එකට ලොග් වෙලා ඒ mail එක ඕපන් කරගන්න..දැන් තියනවානේ more option කියලා එකක් message එක උඩ දකුණු පැත්තේ කෙරවලේ..එක click කරලා show original ඔබන්න..ඊට පස්සේ ඔයගොල්ලන්ට එයි පට්ට දිග කෝඩ් ටිකක්..ඔලුව කර කැවෙනවා නේ..කමක් නෑ..හැක් කරන එක ලේසි නෑනේ කොහොමත්..දැන් ඕකේ 7,8,9 වගේ පේළි වල ඇති Received: from mr.google.com කියලා..ඒකේ { [ ] } වරහන් ඇතුලේ තියෙන්නේ ඒ mail එක ආපු කෙනාගේ IP එක..හරිනේ..මම ෆොටෝ එකකුත් දාන්නම්කෝ..



ඔය හයිලයිට් කරලා තියෙන්නේ අපිට ඕනේ ip address එක..

හරි..දැන් බලමු yahoo වල මේක කරන්නේ කොහොමද කියලා..

හප්පා යන්න වෙලා.පොඩි හදිස්සියක්..ඒක නිසා  මම ඒ ටික මම ඉගෙන ගත්තු තැනින් කොපි පේස්ට් කිරිල්ලක් කරන්නම්..හැබැයි සුද්දාගේ කඩ්ඩෙන් තියෙන්නේ..අව්ලක් නෑ..මොකක් හරි අව්ලක් ආවොත් කමෙන්ට් එකක් දාලා අහන්නකෝ..

Finding I.P Address In Yahoo Mail

1. Log into your Yahoo! mail with your username and password.
2. Click on Inbox or whichever folder you have stored your mail.
3. Open the mail.
4. If you do not see the headers above the mail message, your headers are not displayed. To display the headers,
* Click on Options on the top-right corner
* In the Mail Options page, click on General Preferences
* Scroll down to Messages where you have the Headers option
* Make sure that Show all headers on incoming messages is selected
* Click on the Save button
* Go back to the mails and open that mail
5. You should see similar headers like this:
Yahoo! headers : name
Look for Received: from followed by the IP address between square brackets [ ]. Here, it is 202.65.138.109.
That is be the IP address of the sender!
6. Track the IP address of the sender

Finding I.P Address In Hotmail

1. Log into your Hotmail account with your username and password.
2. Click on the Mail tab on the top.
3. Open the mail.
4. If you do not see the headers above the mail message, your headers are not displayed. To display the headers,
* Click on Options on the top-right corner
* In the Mail Options page, click on Mail Display Settings
* In Message Headers, make sure Advanced option is checked
* Click on Ok button
* Go back to the mails and open that mail
5. If you find a header with X-Originating-IP: followed by an IP address, that is the sender's IP address
Hotmail headers : name ,In this case the IP address of the sender is [68.34.60.59]. Jump to step 9.
6. If you find a header with Received: from followed by a Gmail proxy like this
Hotmail headers : name
Look for Received: from followed by IP address within square brackets[].
In this case, the IP address of the sender is [69.140.7.58]. Jump to step 9.
7. Or else if you have headers like this
Hotmail headers : name
Look for Received: from followed by IP address within square brackets[].
In this case, the IP address of the sender is [61.83.145.129] (Spam mail). Jump to step 9.
8. * If you have multiple Received: from headers, eliminate the ones that have proxy.anyknownserver.com.
9. Track the IP address of the sender.
 

ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...මෙන්න HACKING...!!

ඔන්න කිව්වා වගේම ආවා අද අලුත් වැඩ කෑල්ලකුත් අරගෙන..මගේ ලග ඔය දේස පාලුවො වගේ බොරු නෑනේ..කිව්වොත් කිව්වා..ගොඩ කාලෙකින් ආව නිසා බ්ලොග් එකට අලුත් ඇඳුමක් එහෙම අන්දලා ගත්තා..ටිකක් අඳුරුයි වගේ නේ..කමක් නෑ..මගේ නම් කැමතිම පාට කලුයි සුදුයි..අපේ ජිවිතත් ඉතින් හරියට කළු සුදු චිත්තරපටි වගේනේ..හීහී..ඒක නෙමෙයි..අනුරාධ කිව්වානේ මට රැඩිකල් අදහස් තියෙන්නේ කියලා..මම ඒ විදියටලු ලියන්නේ...ඇත්තටම මොකක්ද අප්පා මේ රැඩිකල් කියන්නේ..ඒ වෙලාවෙ මම අහන්න ගියෙත් නෑ චාටර් නිසා..හැබැයි ඉතින් අනුරාධ කියනවානම් බොරු වෙන්නත් බෑ.කොහොම කොහොම හරි යාලුවෝ සැට් එකෙන් නම් පට්ට කමෙන්ට්ස් හම්බුනා..හරි..අටුවා ටීකා ටිප්පිනි ඕනේ නෑනේ..අපි කෙලින්ම වැඩේට බහිමු..

 

කාරුණික දැනුම්දීමයි | සිදු වූ ප්‍රමාද දෝෂයට සමාවන්න

ඔන්න ගොඩ කාලෙකින් මම ආවා..හැබැයි අද නම් ආවේ මුකුත් අරගෙන නෙමේයි..ගොඩ කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරි උනානේ..ළගදිම ඔයගොල්ලන්ට වැදගත් යමක් දාන්නයි ඉන්නේ..හැමදාම පේන කුකුළාගේ අර මොකක්ද එකක් සුදුයිලුනේ..ඒක නිසා හැමදාම එන්නත් හොඳ නෑ..

අද මම ආවේ පොඩි පණිවිඩයක් කියන්න..ගොඩ කාලයකින් මුකුත් දැම්මේත් නැති නිසා මට හිතුනා පොඩ්ඩක් අලුත් කරලා ගන්න..මුලින්ම ඉතින් ටෙම්ප්ලේට් එක වෙනස් කරගත්තා...නමත් වෙනස් කරනවා..තාම හරි නමක් හිතුවේ නෑ හැබැයි..හැබැයි මූණූ පොතේ පිටුවනම් ඒකමයි..

ඒකටත් මේ පැත්තේ ආපු ගමන් ලයික් එකක් දාලා යන්න..අහා අනික ඔබතුමන්ලා සහ තුමියන්ලාගේ කමෙන්ට්ස් එහෙම මට හරි වටිනවා..ඉතින් ඔයගොල්ලොත්  මගේ බ්ලොග් එකෙන් යමක් ඉගෙනගත්තා නම් යම් සතුටක් ලැබුවානම් අනීවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා ඉතින්..මම පව් නේ..අනික ඔයගොල්ලන්ගේ යෝජනා විතරක් නෙමේයි චෝදනාවක් හරි තියනවානම් කමෙන්ට් එකක් දාන්න..අකමැත්තක් නැත්නම් ෆල්ලෝ පාරකුත් දාන්න හොඳේ...

වෙලාව 12යි..මම දොයියන්නත් ඕනේ..එහෙනම් අපි ගියා..ළගදිම පට්ට පෝස්ට් එකකින් හම්බෙමු එහෙනම්..