තල්ලුව..

වෙලාව රෑ 3ට විතර ඇති.නෝනයි මහත්තයයි සැපට නිදි බදාගෙන..හික්ස්...එලියේ පට්ට වැස්ස...සීතලත් එක්ක...හිතා ගන්න පුලුවන්නේ ඉතිං...හේහේ...අපි නම් හොඳ ළමයි..



කොහොම කොහොම හරි මේ වැස්ස අස්සේ මොකෙක්ද එකෙක් දොර කඩන්න වගේ තට්ටු කරනවා..හරියට උගේ දොර වගේ..මහත්තයට පට්ට මල.මොකාද මේ වෙලාවේ දොර කඩන්න යන්නේ කියලා බලන්න මහත්තයත් නැගිටලා ගියා.දොර ඇරලා බලනකොට බීපු ඩයල් එකක් වැස්සේ තෙමි තෙමි ඉන්නවා...

මහත්තයා: "මොකද ඕයි මේ අවේලාවේ.."

බීපු ඩයල් එක: "මහත්තයා, මහත්තයාට කරදරයක් නැත්නම් මට පොඩි තල්ලුවක් දාන්න පුලුවන්ද?"

"මේ වැස්සේ මොන තල්ලුද ඕයි..යනවා..ගිහින් වෙන එකේක් හොයා ගන්නවා.."
               කියපු මහත්තයා දොරත් වහන් ගියා ආයේ නෝනාට තුරුල් වෙලා දොයියන්න..

නෝනා: "මොකද අනේ වෙලා තියෙන්නේ?"

මහත්තයා: "මේ කොහෙද යන බීපු එකෙක්..මට කියනවා මිනිහගේ වාහනේට තල්ලුවක් දාන්නලු..මම මිනිහව එලව ගත්තා.."

නෝනා: "අනේ එහෙම හරි නෑනේ.ඔයාට මතකද දවසක් රෑ අපේ වාහනේ කැඩුන වෙලාවේ මනුස්සයෙක් අපිට උදව් කලා..ඒක නිසා ඔයා යන්න.ගිහිල්ලා වාහනේට පොඩි තල්ලුවක් දාලා එන්න.."

මහත්තයාට දැන් තවත් මල.නෝනා කියන නිසා නොගිහිල්ලත් බෑ.ඒක නිසා මහත්තයා ආපහු දොර ඇරන් ගියා එලියට වැස්සේ තෙමි තෙමි..

මහත්තයා: "කෝ......තමුසේ ඉන්නවාද??"

බීපු ඩයල් එක: "ආ මහත්තයා ඉන්නවා.."

මහත්තයා: "තමුසෙට තල්ලුවක් ඕනේද?"

බීපු ඩයල් එක: "අනේ මහත්තයා පුලුවන් නම් ලොකු උදව්වක්."

මහත්තයා: "කෝ..තමුසේ කොහෙද ඉන්නේ.මට පෙන්නේ නෑ."

බීපු ඩයල් එක: "ආ මහත්තයා මෙහේ...මේ ඔන්චිල්ලාවේ.."

මහත්තයා: "&%$!@#$*"

ලියුවේ : Unknown ~ Ravindu Ariyawansa

කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා..

 

0 comments:

Post a Comment