අපි හැමෝම අයියලා මල්ලිලා..ඒක තමයි ආනන්දේ හයිය..ආනන්දේ රැදිලා තියෙන්නේ කකුල් තුනක් උඩ..හරියට කැමරාවක් වගේ..එක කකුලක් තමයි අපේ සහෝදර බැදීම..අනික අධ්‍යාපනය..අනික තමයි අපේ ආගම..බුදු දහම..
හරි හරි..කතාව පොඩ්ඩක් වෙන පැත්තකට ගියාද මන්දා..කමක් නෑ..නොදන්න කස්ටියට දැන ගන්න හොදයි..ඔය සමහර බුවාලා හිතන් ඉන්නේ ආනන්දේ කියන්නේ නිකන් ස්කෝලයක් විතරයි කියලනේ..කමක් නෑ..දන්නෝ දනිති..මම මට උන සිද්දිය කියන්නම්කෝ..
දවස හරියටම අපේ මල්ලිලා සංදේශය කරපු දවසට කලින් දවස..දැනට සති දෙක තුනකට කලින්..වෙලාව රෑ 7.30ට විතර ඇති..ස්ථානය ආනන්ද විදුහල් නේවාසිකාගාරය..අපේ යුනිට් එක තිබුනේත් එතනම තමා..
අපිත් ඉතින් ස්කෝලෙන් අවුට් උනා විතරනේ..ආසවටත් එක්ක කොන්ඩ රැවුල් වවගෙන හිටියේ..හැමෝමත් නෙමේයි ඉතින්..මායි ධනුශ්කයයි විතරයි.. ;ඩී
කොහොම හරි අපිත් ඉතින් එදා රෑ අපේ මල්ලිලාට උපදෙස් දිදී හිටියේ..අයියලානේ...හික්ස්...සිද්දිය උන වෙලාවේ මායි අනුරාධයයි මොකක් හරි වැඩක් කර කර ඉදලා එලියට ආවා පොඩ්ඩක්..හොස්ටල් එකේ පොඩි මල්ලිලා පාඩම් කරන්න යන වෙලාව..ශිෂත්වෙන් ආපු මල්ලිලාත් ආපු අලුත..
ගොඩක් මල්ලිලා ඈත පලාත් වල ඉදන් ආනන්දෙට එන්නේ..කොළඹ කොල්ලෝ විතරක් නෙමෙයි ගමේ කොල්ලොත් ඉන්නවා අපේ ස්කෝලේ..ඒක තවත් විශේෂත්වයක් ආනන්දේ..කොහොම හරි ඔය ඈත ඉදන් එන සමහරක් මල්ලිලාට ගෙදර නැතුව ඉන්න හරි පාලුයි..සමහරු අඬනවා..සමහරු ලියුම් ලියනවා..සමහරු හොරෙන් කෝල් ගන්නවා...මොකද හොස්ටල් එකට ෆෝන් ගේන්න බෑනේ..
දැන් මායි අනුරාධයි කොරිඩෝ එකේ..පොඩි මල්ලි කෙනෙක් ආවා මං ලගට..මං කෑල්ලට මැසේජ් එකක් ගගහ හිටියේ..අර පොඩි එකා එක පාරටම මෙහේම කිව්වනේ... " මාමේ මට පොඩ්ඩක් ෆෝන් එක දෙන්න පුලුවන්ද..විනාඩි දෙකකට කෝල් එකක් ගන්න ගෙදරට.."
ඉල්ලීම සාධාරනයි, අහිංසකයි...ආමන්ත්‍රණය තමයි අප්සට්...මොනවා කරනද..මටත් දුක හිතිලා දුන්න ෆෝන් එක නම්බර් එක ගහලම...පොඩි එකා මුලින්ම කතා කරේ අම්මට..තාත්තා ගෙදර නැද්ද කොහෙද..ඊට පස්සේ නංගිටද කොහෙද...කොහොම හරි පොඩි එකා අම්මටත් කිව්වා කෝල් එක ගන්නේ මාමා කෙනෙක්ගේ ෆෝන් එකකින් කියලා..හේහේ...මාත් මාමා කෙනෙක් උනා එහෙනම්..
හොඳම කතාව දැන්..පොඩි එකා කෝල් එක ඉවර වෙලා මට දුන්න ෆෝන් එක..ඒ අස්සේ කෑල්ල මැසේජ් එකක් එවලා..මම ෆෝන් එක vibrate දාලා තිබුනේ...පොඩි එකා මට මෙහෙම කියපි.."මාමේ මාමේ..බොහොම ස්තූතියි.. මම අම්මත් එක්ක කතා කරා...කතා කර කර ඉන්නකොට මාමාටත් කෝල් එකක් ආවද කොහෙද, ෆෝන් එක දෙදරුවා..."
ගමේ කොල්ලෙක්ගේ අවය්‍යාජත්වය ඒ පොඩි එකා තුල මම එදා හොඳට දැක්කා..
මල්ලියේ...අපේ ස්කෝලේ ආනන්දේ ගොඩ නැගෙන්නේ උඹලා වගේ ගමේ කොල්ලොන්ගෙන් තමයි..
පට්ට...පටාස්...මාමා..හික්ස්.....
ReplyDeleteවෙලාවට මම එතන හිටියේ නැත්තේ....
කැබා හිටියනම් නැන්දේ" කියයි....
හහා....
හෙහේ..උඹ හිටියනම් උඹටත් කියන්නේ මාමා කියලා තමා :P
ReplyDeleteනියමයි ආනන්දෙ අපි එහෙමයි
ReplyDelete