ෆන් එකට චූටි චූටි වැඩ කෑලි..

පොඩි කොම්පීතර වැඩ කෑලි ටිකක් කියලා දෙන්නයි යන්නේ..නොදන්න කස්ටිය කියවන්න.. කියවලා කොමෙන්ට් පාරක් දාන්න..දන්න කස්ටියත් ඉතින් කියවලා පොඩි හරි කොමෙන්ට් එකක් දාන්න..මම පව් නේ.. :ඩී



 හරි..මුලින්ම කියන්න ඕනේ මේවා කරන්න අර software මේ software ඕනේ නෑ..අපි ගාව තියන ඕනේම කොම්පීතර කට්ටකින් කරන්න පුලුවන්..

කියන්න බලන්න කාටද පුලුවන් අලුත් ෆෝල්ඩර් එකක් හදන්න නමක් නැතුව..කරලා බලන්න පුලුවන්ද කියලා..බෑ නේද..එහෙනම් folder name එක විදියට Alt key එක ඔබාගෙනම 0160 ටයිප් කරලා බලන්න..හැබැයි Num pad එකෙන් තමා ටයිප් කරන්න ඕනේ..දැන් හැදෙයි නමක් නැති folder එකක්..හික්ස්..ෆෝල්ඩර් hide කරන්නත් කියාපු ක්‍රමේ..ෆොල්ඩර් අයිකොන් එකත් මාරු කරගත්තනම් ගේමක් නෑ...

අහා හයිඩ් කියද්දි තව සිස්ටම් එකක් මතක් උනා..ගන්නකෝ මුලින්ම ඔයගොල්ලන්ගේ ෆුල් screenshot එකක්..දන්නවා ඇතිනේ ඒක ගන්නනම්...මගෙනම් තියනවා sniping tool කියලා එකක්.ඔයගොල්ලන්ගේ එහෙම එකක් නැත්නම් SysRq කියන බොත්තම ඔබලා ගන්න..හරි..දැන් ඒක සේව් කරගන්න .jpeg ඉමේජ් එකක් විදියට..සේව් කරලා ඒ ඉමේජ් එක ඔයගොල්ලන්ගේ වොල්පේපර් එක විදියට පාවිච්චි කරන්න..එල නේ..දැන ස්ක්‍රීන් එක උඩ රයිට් කිලික් කොරලා view කියන එකේ show desktop කියන එක untick   කරන්න..මගේ තියෙන්නේ 7..  7 වලනම් එහෙමයි..අනිත් එව්වලනම් කොහොමද කියලා මතක නැත.හරිනේ...දැන් ඩෙක්ස්ටොප් අයිකන් ටික lock වෙලා කියලා දකින එකෙක් හිතන්නේ..

අහා තව එකක්..ඔබතුමන්ලා දන්නවද con කියන නමින් ෆෝල්ඩර් එකක් හදන්න බැරි බව..ඒකත් පුලුවන්ද කියලා ට්‍රයි එකක් දාලා බලන්නකෝ..

තව පොඩි වැඩ කෑල්ලක් කියන්නම්.හැබැයි මේකනම් Microsoft word එකේ වැඩක්..word එක open  කරගෙන =Rand(200,99) කියලා ටයිප් කරලා කරලා බලන්න මොකද වෙන්නේ කියලා.. :D

ලියුවේ : Unknown ~ Ravindu Ariyawansa

කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා..

 

2 comments:

  1. නියමයි ;D Follow කරන්නත් අමතක කරන්න එපා..

    ReplyDelete