අපි ස්කෝලේ යන කාලේ..

ශික්..අපේ පැත්තනම් මහ සාටර්ම පැත්තක්..ලයිට් යනවා මාසේට දෙපාරක් විතර අනිවාර්යෙන්ම..පැයක් දෙකක්නම් කමක් නෑ කියමුකෝ...උදේ 8 ඉදන් රෑ7 විතර වෙනකන්...වට් ටූ ඩූ...ලැපේ බැටරියත් බාගයයි තියෙන්නේ..තියන බාගෙන් මොකක් හරි ලියන්න කියලා හිතුනා..ඇත්තටම මොකක්ද ලියන්නේ..මට ඔය කවි සිතුවිලි පහල වෙන්නෙත් නෑනේ..




හරි..මේක අපි ස්කෝලේ යන කාලේ කරපු පට්ටම වැඩක්..ලංකාවේ කවුරුත් නොකරපු වැඩක්..එ වගේම වෙන කාටවත් කරන්න බැරි වැඩක්.  "සංදේශය සම්මාන"...  ඒ දවසේ නැත්නම් 2011 මාර්තු මාසේ 8 සහ 9 කියන දවස් දෙකේම රෑ 8 නිව්ස් වල පළවෙනි පුවත උනේ මේ අපේ වැඩේ.. ස්වර්ණවාහිනී,දෙරණ,රූපවාහිනි,සිරස වගේ tvකාරයොයි පත්තරකාරයෝයි හැමෝගෙම මුවග රැදිලා තිබුනේ සංදේශය කියන නම ඒ දවස් වල..ITN එක විතරයි ආවේ නැත්තේ..මොකද අපේ ස්කෝලෙත් එක්ක ඒ දවස්වල කොක්කක් දාගෙන..දන්නැද්ද ඉතින්..ලොකු ලොකු සෑර්ලානේ...තාම පොඩි ළමයි වගේ..කොහොම හරි අපි 15දෙනා, ඒ කියන්නේ ශෙවා, අනූ, කැබා, තර්කන, අනුජ, පින්ටා, දසුන්, සෙරන්, මම, දුලිත, ගලා, ලංකා, ධනුශ්ක, ලස්සන, රුකා ඒ දවස්වල ACBU එකේ board එක..සුපුරුදු පරිදි ඇකා සහ හාමුදුරුවෝ ටීච ඉන් චාජ්ලා..ඉන් චාජ් කිව්වට ඉතින් කොකු චාජ් කිව්වත් හරි..අපි ඒ දවස් වල කතා උනේ කවුරුත් නොකරපු වැඩක් කරන්න..ඒ වගේම කාටවත් ආයෙමත් ලේසියෙන් කොපි කරන්න බැරි වෙන වැඩක් කරන්න..මොකද ලංකාවේ ඉන්නේ කොපි මාස්ටර්ස්ලානේ..අනූ හෙවත් අනුරාධ තමයි එ දවස් වල මූලිකත්වය ගත්තේ..තාමත් එහෙම තමා.

අපි කස්ටිය 15දෙනා 15 විදියක්..අදහස් 15 විදියක්..ඒ අදහස් 15 විදිය එක් අදහසක් බවට පත්කරගෙන එක වැඩක් කරන්න අපි කොහොම හරි එකඟ උනා..

ප්‍රතිපලය තමයි "සංදේශය සම්මාන 2010"..

ලංකාවේ පළමු සහ එකම නව යොවුන් මාධ්‍ය සම්මාන උළෙල..ඒ කාලේ හැම මීඩියා යුනිට් එකක්ම කලේ day...අපිත් day කරලා කරලා එපා වෙලා තිබුනේ..වෙනසකටත් එක්ක අපි සම්මන උළෙල කරන්න තීරණය කරගත්තා..කරගත්තට මොකෝ අපේ එකෙක්වත් සම්මාන උළේලකට ගිහින් තිබුනේත් නෑ,දන්නේත් නෑ..ටී වී එකේ දකින එවා විතරයි.

සම්මාන උළෙලක් කිව්වම මොකෝ වැඩ ගොඩක්...සර්ව සාධාරණ විදියට දත්ත එකතු කරලා සම්මාන දෙන්න ඕනේ..නැත්නම් අනිත් එව්න් කෑගහනවා හොර කලෝ හොර කලෝ කියලා..හැම එකාටම ඉන්වයිට් කරන්න ඕනේ අනේ එන්නකෝ කියලා..මොකද ඔය ලොකු ලොකු මීඩියා අතු දන්නේ නෑනේ මොකකටද මේ එන්න කියන්නේ කියාලා...සෝ උන්ට ගානකුත් නෑ..ඊට පස්සේ සම්මන හදන්න ඕනේ..2.50 එවා දීලත් බෑනේ..ඔය අස්සේ ලියුන් වැඩයි,උත්සවය ප්ලෑන් කරන වැඩයි සේරම ගත්තොත් අවුරුදු ගානක් යනකන් මට මේක ලියන්න පුලුවන්..

හැමෝම හැම වැඩේම කරන්න ගියොත් ඔක්කොම අච්චාරු වෙන නිසා අපි වැඩ ටික බෙදාගත්තා...හැම මගුලම බලන්නේ අනූ..ලියුම් පියුන් කැබා.හැබැයි පෝස්ට් කලේ ගලා..මොකද දෙන්නම එකම පන්තියේනේ..දසුන් තමා මීඩියා ඉන්වයිටින් කලේ..හෙහේ..එකත් මරු..උත්සවේ පටන් ගත්තේ 1ට..දසුන් ඉන්වයිට් කරන්න ගියේ එදා උදේ 8ට.. :ඩී දුලිත තමා රිසච් වැඩ කලේ...ඔයවගේ හැමෝම වැඩ බෙදාගෙන තිබුනා..

රිසර්ච් කිවමත් ලේසි නෑ..අනුරාද යාපනේ හිටන් ගියා.තනියම..අපේ අනික් කස්ටිය නුවර ගාල්ල වගේ ලංකාවේ හැම පලාතකම ගියා..අපිට යන්න බැරි උනේ මඩකලපුවේ විතරයි..මොකද ඒ කාලේ එහෙට වැස්ස..ස්කෝල වහලා..ඊට පස්සේ රෑ එලි වෙනකන් ඩේට එන්ටර් කිරීම..අපි යාලුවන්ගේ ගෙවල් වල රෑ එළි වෙනකන් නිදිමරාගෙන ඇස් රතු වෙනකන් ඩේටා එන්ටර් කරලා උදේට සුදු යුනිෆෝම් එක ඇදන් යනවා සල්ලි හොයන්න..ඔයවගේ කට්ට කාලා තමා අපි සංදේශයක් කලේ..

එදා ආපු හරින්ද්‍ර ජයලාල් මෙහෙම කිව්වා.."අපි එද්දි නම් හිතුවේ මේක නිකන් ස්කෝලේ කොල්ලන්ගේ පොඩි වැඩක් වෙන්න ඇති කියලා..ආවට පස්සේ තමයි තේරුනේ මේක කොච්චර අමාරු වැඩක් ද කියලා.නියම වැඩක් මල්ලිලා කරලා තියෙන්නේ.." අපිට නම් ඒ වචනෙම ඇති..

මේක නියම වැඩක් වෙන්න ගොඩක් මහන්සි උනේ දුලිත..මොකද රිසච් එකක් කිව්වම සාධාරණ විනිවිද වෙන්න එපාය..කොළඹ කැම්පස් එකේ ලස්සන අක්කලා වගයක් අල්ලගෙන අපේ වැඩේට නීතිමය සහ පිලිගත්බාවයක් ලබා දුන්නේ දුලිත..අන්තිමට අපේ රිසාල්ට් එක සමහර මාධ‍ය්‍ය ආයතන සල්ලි දීලා පවා ගන්න පෙළඹුනා...

අපි දවස් ගනන් ස්කෝල කට් කරලා ක්ලාස් කට් කරලා කරපු දේ එදා මාර්තු 8වෙනිදා පල දරද්දි අපි හැමෝගෙම හිත්වල තිබුනේ කියාගන්න බැරි තරම් සතුටක්..අද අපේ සමහරු විවිද මාධ‍ය්‍ය ආයතන වල වැඩ..තාම අවුට් වෙලා අවුරුද්දක්වත් නෑ..හරියට බලුවොත් තාම අවුට් වෙලාත් නෑ..සමහරු කොහොම හරි කැම්පස් යන්න ආයේ කරනවා..ඒ අය අනිවා කැමපස් යන බවනම් ඒකාන්තයි..මොකද අපේ කවුරුත්ම ෆේල් උනේ නැති නිසා..

අපේ කවුරුත් ජීවිතයේදි ෆේල් උනේත් නෑ වෙන්නෙත් නෑ...ඒ වගේම අපි කරපු වැඩක් ආයේ කාටවත්ම ලේසියෙන් කරන්නත් බෑ..අපි අසම සම රාජවංශිකයෝ...ACBU එක තමයි අපේ ජිවිතය...

ප:ලි: මේ පොඩි පෝස්ට් එක ඇතුලේ අපි කරපු හැම වැඩක්ම ලියන්නත් බෑ..ලියන්න ඉඩත් නෑ..අතපසු උන එකක් තියනවානම් පස්සේ මතක් උන වෙලාවට දාන්නම්..

ඔබ සැමට ආනන්ද මාතාවගේ සරණයි!

ලියුවේ : Unknown ~ Ravindu Ariyawansa

කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා..

 

0 comments:

Post a Comment