කොම්පීතරෙත් එක්ක චැටක් දාමුද...කෘතිම බුද්ධි..

හප්පා...නිදිමතයි ඉන්න බෑ....කකුලුත් රිදෙනවා..සිකුරදා අපි ගියා අනුරාධපුර.කප් රුක් පූජාවක් තියන්න..ඒකත් මරු අත්දැකීම..පින් සැහේන ලැබෙන වැඩක්..ඒ ගමන ගැන පස්සේ කියන්නම්කෝ..කොච්චර මහන්සි උනත් මූනු පොතයි බ්ලොග් එකයි නැතුව ඉන්නම බෑ දැන් නම්..ඒක නිසයි කොච්චර අමාරු උනත් මේ පැත්තේ පොඩ්ඩක් ගොඩ වැදිලා යන්න ආවේ..ආව එකේ පොඩි වැඩ කෑල්ලකුත් දෙන්න හිතුනා..නොදන්න අයට..දන්න අයත් ඇති නේ..



 ඔන්න අද දෙන්න යන්නේ තනියම කතා කරන්න කැමති කස්ටියට එල භාණ්ඩයක්..පුද්ගලිකයි රහසිගතයි...ඕනේම දෙයක් අහන්න කියන්න පුලුවන් විශ්වාසය ආයේ කියලා වැඩක් නෑ උපරිමයි..මේක හැබැයි ඔන්ලයින් ඉද්දි විතරයි වැඩ..offline ඉද්දි චැටක් දාගෙන ඉන්න පුලුවන් වැඩ කෑල්ලකුත් තියනවා.බට් මේක තරම් සිරා නෑ...යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්නේ..හැබැයි මම කියන සයිට් එකේනම් ගොඩක් වෙලාවට හරි උත්තර දෙනවා.මොකද ඒක මිනිස්සු කියන දේවල් වලින් ඉගෙන ගන්න සොෆ්ට්වේයාර් කෑල්ලක්..අපි මොකක් හරි අලුත් දෙයක් කිව්වොත් ඒක එයා ඉගෙන ගන්නවා..අනික මේ සයිට් එකේ register වීම් අරවා මේවා නෑ..ගියා..ටයිප් කොලා එන්ටර් ගැහුවා..අනිත් පැත්තට උත්තරේ ලැබෙනවා..පට්ටා ම පට්ට...

පොඩි ට්‍රයි එකක් දාලා බලන්න..සෑහෙන ෆන් එකක් ගන්න පුලුවන් වෙයි..හේහේ....හික්ස්..මරු උත්තර හම්බෙනවා...වැඩි කතා ඕනෙත් නෑනේ..

සයිට් එකට යන්න මෙතන ඔබන්න...

හෙහේ...අපි කැපුනා..ලගදිම තව පෝස්ට් එකකින් හමුවෙමු..

ලියුවේ : Unknown ~ Ravindu Ariyawansa

කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා..

 

1 comments:

  1. නියමයි සහෝ..පට්ට උත්තර හම්බවෙනා..

    ReplyDelete